Gossips

පයාගල අනතුරකින් පුද්ගලයෙකු මරුට

ගාල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයේ පයාගලදී සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ කන්ටේනර් රථයක් මාර්ගය හරහා ගමන් කළ පුද්ගලයෙකුගේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.
අනතුරෙන් බරපතල තුවාල ලැබූ පුද්ගලයා නාගොඩ රෝහලට ඇතුළත් කිරීමේදී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඊයේ රාත්‍රියේ මෙලෙස මියගොස් ඇත්තේ 39 හැවිරිදි කළුතර – ඈතගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්.