හෝමාගම පනාගොඩ ප්‍රදේශයේ දී සිදුවු රිය අනතුරකින් යතුරුපැදිකරු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
තම පුත්‍රයා පාසලට රැගෙන යාම සඳහා මෙම පුද්ගලයා යතුරුපැදිය මාර්ගයට ගත් අවස්ථාවේ වේගය පාලනය කර ගැනීමට නොහැකිවූ ට්‍රක් රථයක් පිටුපසින් පැමිණ යතුරුපැදියේ ගැටීමෙනුයි අනතුර සිදුවී ඇත්තේ.
අද(19) උදෑසන 6.40 පමණ සිය නිවස ඉදිරිපිට මාර්යේදී ඔහු මෙම අනතුරට ලක්වුණා.
මිය ගොස් ඇත්තේ හෝමාගම පනාගොඩ, ලේලන්ඩ් හන්දිය ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි එක් දරු පියෙක්.
අනතුරට සම්බන්ධ ට්‍රක් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර අතුරුගිරිය පොලිසිය පරීක්ෂණ සිදුකරනවා.
මෙම අනතුර යතුරුපැදිකරුගේ නිවසේ සවි කර තිබූ CCTV කැමරාවේ සනිටුහන් වී තිබුනා.
