රුපියල් පන්ලක්ෂ 75,000ක් වටිනා වල්ලාපට්ටා සහ කොකුම් පොතු තොගයක් නීතිවිරෝධී ලෙස තායිලන්තය බලා රැගෙන යාමට උත්සාහ කළ ශ්‍රී ලාංකිකයෙකු ගුවන් තොටුපළ රේගුව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
24 හැවිරිදි මීගමුවේ පදිංචිකරුවෙකු වන මොහු ඊයේ පස්වරුවේ ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යානයකින් බැංකොක් බලා යාමට කටුනායක ගුවන් තොටුපළට පැමිණ ඇති බව සඳහන්.
වල්ලාපට්ටා කිලෝග්‍රෑම් 7.4ක් සහ කොකුම් පොතු කිලෝග්‍රෑම් 17.4ක් මොහුගේ ගමන් මල්ලේ සඟවා තිබී හමුවූ බවයි රේගුව සඳහන් කළේ.
වල්ලාපට්ටා තොගය රාජසන්තක කර ඇති අතර, සැකකරුට රුපියල් ලක්ෂයක දඩයක් නියම කර තිබෙනවා.
