පන්නිපිටිය ප්‍රදේශයේදී දුම්රියක් පීලි පැනීම හේතුවෙන් කැළණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබෙනවා.
දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ හෝමාගම සිට කොළඹ කොටුව බලා ධාවනය වෙමින් තිබූ දුම්රියක් අද (27) උදෑසන මෙලෙස පීලි පැනීමට ලක්ව ඇති බවයි.
මේ හේතුවෙන් දුම්රිය මාර්ගයට ද හානි සිදුව ඇති බව සඳහන්.
