Gossips

පන්දු රකින්නාට එල්ලකළ මාරාන්තික ප්‍රහාරයෙන් සුපිරි පිතිකරු දැවී ගිය ක්‍රීඩකයෙක් ලෙස නම්කරයි

ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත ක්‍රිකට් තරඟයක් අතරතුරදී සිදුවූ සුවිශේෂ සිදුවීමක් වෙත මේ වනවිට බොහෝදෙනෙකුගේ අවධානය යොමුව තිබෙනවා.
පසුගියදා මෙම ක්‍රිකට් තරඟය පැවැත්වෙන්නේ නිව් සවුත් වේල්ස් කණ්ඩායම සහ වෙස්ටර්න් ඕස්ට්‍රේලියා කණ්ඩායම අතරයි.
එහිදී නිව් සවුත් වේල්ස් කණ්ඩායමේ දඟ පන්දු යවන්නෙක් යොමුකළ පන්දුවකට වෙස්ටර්න් ඕස්ට්‍රේලියා කණ්ඩායමේ ක්‍රීඩක කාර්ට්රයිට් එල්ලකළ පහරක් ෂෝට් ලෙග් හි පන්දු රකින්නාගේ ආරක්‍ෂිත හිස්වැසුමේ වැදී ඔහු බිම ඇදවැටෙනවා.
කෙසේ වෙතත් පන්දුව හිස් ආවරණයේ වැදීමත් සමඟ එය වේගයෙන් ඉහළ ඇදී යන අතර පන්දු යැවූ ක්‍රීඩකයා වහාම ක්‍රියාත්මක වී උඩපන්දුව රැකගැනීමත් සමඟ කාර්ට්රයිට් දැවීගිය ක්‍රීඩකයෙක් ලෙස නම්කරනු ලබනවා.
එම අවස්ථාව පහතින්.