Gossips

පන්දුව පළුදු කළ සිද්ධියට ස්මිත් අඬයි

ඕස්ට්‍රේලියා-දකුණු අප්‍රිකා තුන්වන ටෙස්ට් තරගය අතරතුර පන්දුව පළුදු කිරීමේ චෝදනාවට ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ කැමරොන් සහ ඊට අනුබල දුන් බවට නායක ස්ටීව් ස්මිත්ට සහ උප නායක ඩේවිඩ් වෝනර් හට චෝදනා එල්ලවුණා.
මේ නිසා ස්මිත් හට සහ වෝනර් හට වසරක බැගින් තරග තහනමක් පැනවූ අතර බැන්ක්‍රොෆ්ට් හට මාස 9ක ක්‍රිකට් තහනමක් තහනමක් පැනවුවා.
මෙම සිද්ධි දාමයට පසු පළමු වතාවට ස්මිත් මාධ්‍ය වෙත අද (29) අදහස් පලකලා.
එම මාධ්‍ය හමුවේදී බොහෝ සෙයින් සංවේදී වූ ස්මිත් හඬමින් සියලු ක්‍රිකට් ක්‍රීඩා ලෝලීන්ගෙන් සමාව ඉල්ලා සිටියා.
"මගේ ජීවිතය ගැන මම කණගාටු වෙනවා. මම බලාපොරාත්තු වනවා නැති වුනු ගෞරවය යලි ලබාගන්න. මම හදවතින්ම කණගාටු වෙනවා. මම ක්‍රිකට් ක්‍රීඩාවට ආදරෙයි, මම මගේ රටට ලැජ්ජාවක් ඇති කළා. මට සමාවෙන්න. මම කාටවත් ඒ වරද පටවන්නේ නැහැ. මම දැනුවත්ව තමයි ඒ දේ වුනේ. සියළු වගකීම් මම බාරගන්නවා." යයි ස්මිත් පැවසුවා.
rnrnrnrnrnrnrnrnrnrnrnrnrnrn