Gossips

පන්දුව පළුදු කළ ක්‍රීඩකයන් දඩුවම පිළිගනී

ඔස්ට්‍රේලියා කණ්ඩායමේ හිටපු නායක ස්ටීව් ස්මිත් සහ පිතිකරු කැමරන් බැන්ක්රොෆ්ට් පන්දුව පලුදු කිරීමේ චෝදනා වෙනුවෙන් ලැබුනු දඩුවම් පිළිගෙන තිබෙනවා.
එම දඩුවම් පිළිබඳ කිසිදු තර්ක කිරීමක් හෝ අභියාචනා කිරීමක් නොකරන බවයි ඔවුන් දෙදෙනා ප්‍රකාශකර ඇත්තේ.
නායක ස්ටීව් ස්මිත්ට සහ උප නායක ඩේවිඩ් වෝනර්ට පන්දුව පළුදු කිරීමේ චෝදනා මත වසරක තරග තහනමක් පැනවීමට ඔට්‍රේලියා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබෙනවා.
කැමරන් බැන්ක්රොෆ්ට් පන්දුව පළුදු කළ බවට චෝදනා එල්ලවූයේ දකුණු අප්‍රිකාව සමග පැවති තුන්වන ටෙස්ට් ක්‍රිකට් තරගයේදීයි.
මෙම චෝදනාවන්ට අදාළව ක්‍රීඩකයන් තිදෙනාට දඩුවම් ඉතා දැඩි වන අතර එම දඩුවම් සංශෝදනය කිරීමට අවධානය යොමු කරන ලෙසට ඔස්ට්‍රේලියා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සංගමය ද ඉල්ලීමක් කර තිබෙනවා.
කෙසේවෙතත් ට්විටර් සටහනක් තබමින් ස්ටීව් ස්මිත් සඳහන් කර ඇත්තේ මෙම දඩුවම අභියෝගයට ලක් නොකරන බවයි.
එම දඩුවම මගින් අනෙක් ක්‍රීඩයන්ට පණිවුඩයක් ලබාදී ඇති අතර එබැවින් එම දඩුවම් පිළිගන්නා බවයි ඔහු සඳහන් කර ඇත්තේ.
එමෙන්ම පන්දුව පලුදු කළ කැමරන් බැන්ක්රොෆ්ට් ද ට්විටර් සටහනක් තබමින් ප්‍රකාශකර තිබුනේ දඩුවම පිළිගන්නා බවයි.