Gossips

පන්දුව පළුදු කළහොත් ලැබෙන දඩුවම දැඩි වෙයි

කිසියම් ක්‍රීඩකයෙකුට පන්දුව පළුදු කිරීමේ චෝදනා එල්ලවුවහොත් ඔවුන්ට ලබාදෙන දඩුවම සංශෝදනය කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පියවර ගෙන තිබෙනවා.
ඒ ඊයේ ඩබ්ලින් නුවරදී අවසන් වූ ක්‍රිකට් කවුන්සිලයේ වාර්ෂික සමුලුවේදීයි.
ඒ අනුව කිසියම් ක්‍රීඩකයෙකු පන්දුව පළුදු කිරීමට වරදකරු වුවහොත් ඔහුට ටෙස්ට් තරග 6 ක් හෝ එක්දින තරග 12 ක් තහනම් වනු ඇති.
මීට පෙර පැවති දඩුවම වූයේ එක් ටෙස්ට් තරගයක් හෝ එක්දින තරග 3 ක් තහනම් කිරීමයි.
පන්දුව පළුදු කිරීම මීට පෙර සැලකුනේ දෙවන මට්ටමේ වරදක් ලෙසටයි.
එහෙත් මෙවර සමුලුවේදී ගත් තීරණ අනුව එය තුන්වන පෙළේ වරදක් ලෙසට සංශෝදනය කර තිබෙනවා.