Gossips

පන්දුව දමා ගැසීමේ චෝදනාවට සුපිරි තුන් ඉරියව් ක්‍රීඩකයාට ICC යෙන් තහනමක්

පන්දු යැවීමේ ඉරියව් නීති විරෝධී බවට තහවුරු වීමත් සමඟ ජාත්‍යන්තර පන්දු යැවීම තහනම් වූ ක්‍රීඩකයන් පිළිබඳව පසුගිය දිනවල අසන්න ලැබුනා.
මේ අතර අලුත්ම පුවත වන්නේ ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක අම්බටි රයිදු හට පැනවූ තහනමයි.
ඒ අනුව පන්දුව දමාගැසීමේ චෝදනාවට ලක්ව සිටින රයිදු හට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් පන්දු යැවීමේ තහනමක් පනවා තිබෙනවා.
ජනවාරි මාසයේ ඕස්ට්‍රේලියාවට එරෙහිව පැවති එක්දින තරඟයකදීයි රයිදුගේ පන්දු යැවීම සැකසහිත බවට චෝදනා එල්ලවූයේ.
කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයකට පෙනී සිටීම සඳහා ඔහුට දින 14 ක කාලයක් ලබා දී තිබුනා.
එම කාලය තුලදී අදාළ පරීක්ෂණය සඳහා ඔහු පෙනී නොසිටීමත් සමඟයි ඔහුට මෙම තහහනම පනවා ඇත්තේ.
කෙසේ වෙතත් රයිදු හට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ අවසරය මත දේශීය තරගවලදී පන්දු යැවීමට හැකිවනු ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.
ඒ අනුව ඉදිරියේදී සිය පන්දු යැවීමේ ඉරියව්ව නිවැරදි බවට තහවුරු කෙරෙනතුරු රයිදුට අන්තර් ජාතික තරගවලදී පන්දු යැවීමට නොහැකිවනු ඇති.