Gossips

පන්ති භාර ගුරුවරයාගේ වාහනයට යට වී දැරියක මිය යයි

පාසල් අවසන් වී නිවස බලා යමින් සිටි දැරියක සිය පන්ති භාර ගුරුවරයාගේ වෑන් රථයට යටවීමෙන් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
මෙලෙස මිය ගොස් ඇත්තේ සූරියවැව ජාතික පාසලේ 5 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සූරියවැව – ධර්මීගම ප්‍රදේශයේ පදිංචි දස හැවිරිදි දැරියක්.
ඇය පාසල අවසන් වී නිවෙස බලා යමින් සිටියදීයි අද පස්වරු 1.40 ට පමණ අනතුර සිදුව ඇත්තේ.
අනතුර සම්බන්ධයෙන් 47 හැවිරිදි ගුරුවරයා වෑන් රථය ද සමගින් සූරියවැව පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මියගිය දැරියගේ දේහය සූරියවැව රෝහලේ තැන්පත් කර ඇති අතර සූරියවැව පොලිසිය වැඩිදුර විමර්ශණ මෙහෙයවනවා.