Gossips

පනස් නව වසරක කස්ත්‍රෝ යුගය නිම වෙයි

කියුබානු පාලනයේ දීර්ඝ කාලීන කස්ත්‍රෝ යුගය නිමා කරමින් රාවුල් කස්ත්‍රෝගෙන් පසුව එරට නායකත්වය සඳහා පාර්ලිමේන්තුව විසින් මිගෙල් ඩියෙස් කැනල් තෝරා පත් කරගෙන තිබෙනවා.
ඒ පිළිබඳ නිල නිවේදනය අද පස්වරුවේ පාර්ලිමේන්තුවේදී සිදු කිරීමට නියමිතයි.
ෆිදෙල් කස්ත්‍රෝ 2006 වසරේදී බලයෙන් ඉවත් වනවිට එරට නායකත්වය සඳහා ඔහුගේ සහෝදරයා වන රාවුල් කස්ත්‍රෝ පත් කරනු ලැබුවා.
ඒ අනුව රාවුල් කස්ත්‍රෝ සිය ධුරයෙන් සමුදෙන විට ඔහුගේ දකුණත් මිත්‍රයා ලෙස සැලකෙන මිගෙල් ඩියෙස් බලයට පත් වීමට නියමිතයි.
ඇමරිකාවේ හිටපු ජනාධිපති බැරක් ඔබාමාගේ පාලන සමය තුලදී රාවුල් කස්ත්‍රෝ සමඟ පැවති සාකච්ජා පළ දරමින් දෙරට අතර යම් සාම මාවතකට ඉඩකඩ ඇති වෙමින් පැවතියද ඩොනල්ඩ් ට්‍රම්ප් බලයට පත්වීමත් සමග එම සබදතා අඩකින් පමණ යලි ආපස්සට ගොස් ඇති බවයි දේශපාලන විචාරකයන් පෙන්වා දුන්නේ.
කෙසේ වෙතත් මේ ආකාරයෙන් කස්ත්‍රෝ පාලන බලය අත්හැරියද කියුබානු කොමියුනිස්ට් රාජ්‍යය වෙත වඩාත් ප්‍රබල බලපෑමක් කළ හැකි චරිතයක් ලෙස ඔහු තිරයෙන් පිටුුපස චරිතයක් රඟ දක්වනු ඇති බවද එම විචාරකයන් තවදුරටත් සඳහන් කළා.