Gossips

පනත විවාදයට පෙර නියෝජිතයින් පත් කිරීමට පොහොට්ටුවේ විරෝධය

අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාල පනත පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමටත් පෙර එම ආයතනයේ නියෝජිතයින් පත් කිරීම පිළිබඳ විරෝධය පළ කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා.
එහි සභාපති, මහාචාර්ය ජී.එල්. පීරිස් මේ බව කියා සිටියේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
‘‘රටට තියෙන ප්‍රධාන ප්‍රශ්නය තමයි මේ රජය මකා ගන්න ඉතාමත් අමාරු අති විශාල හානියක් අපේ ජනතාවට කරලා තමයි ඒ ධුර අතහැරලා යන්නෙ. දැන් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉතාමත් වැදගත් සාකච්ඡාවක් පැවැත්වෙනවා මාර්තු 16 වනදා. එතන වෙන්නේ සම්පූර්ණ පාවාදීමක්. දැන් කැබිනට් ප්‍රවෘත්ති සාකච්ඡාවලදී කරන අසත්‍ය ප්‍රකාශවලට යම් සීමාවක් තියෙන්න ඕනා. ගිය සතියේ රාජිත සේනාරත්න ඇමතිතුමා ප්‍රකාශ කළා. ශ්‍රී ලංකා රජය කවදාවත් සහය දුන්නෙ නැහැ කියලා. ඒක සම්පූර්ණ අසත්‍යයක්. ඇමරිකානු යෝජනාවට ශ්‍රී ලංකා රජය දුන්න පූර්ණ සහයෝගය අගය කිරීමට ලක් කළා එදා සිටි ඇමරිකානු එක්සත් ජනපදයේ විදේශ ලේකම් ජෝන් කෙරී මැතිතුමා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් කළ යුතුයි, වඩ වඩාත් බලතල උතුරු හා නැගෙනහිර පළාත් සභාවලට පවරා දිය යුතුයි, උතුරේ හමුදාවේ තිබෙන සියලූම ඉඩම්වලින් හමුදාව ඉවත් විය යුතුයි, ශ්‍රී ලංකාවේ ත්‍රිවිද හමුදා සහ පොලීසිය සම්පූර්ණයෙන් ප්‍රතිසංස්කරණය කළ යුතුයි. ඉතින් එහෙනම් අපේ රටට පාර්ලිමේන්තුවක් අවශ්‍ය වන්නේ කුමක් නිසා ද … තවත් ඉතාමත් භයානයක තත්ත්වයක් උද්ගත වෙමින් පවතිනවා.
ඒ තමයි අතුරුදන් වූ පුද්ගලයන් පිලිබඳ කාර්යාලය කියන ආයතනය සම්බන්ධ අද තිබෙන තත්ත්වය. ඒ පනත පාර්ලිමේන්තුවේ විවාදයට භාජනය වෙන්නේ මේ බදාදා. ඒ පනත පාර්ලිමේන්තුවෙන් සම්මත වීමටත් පෙර මේ කාර්යාලයේ සාමාජිකයින් 7 දෙනෙක් දැනටමත් පත්කරලා තියෙනවා. මේකට එකම හේතුව තමයි ජිනිවා මානව හිමිකම් කවුන්සිලය පිනවීම. අපි ඉතාමත් දැඩි ලෙස විරෝධය පළ කරනවා මේ පත්කරපු සමහර පුද්ගලයින් සම්බන්ධයෙන්. ජෝන් සෙනෙවිරත්න අමාත්‍ය තුමා අද ප්‍රකාශයක් කරලා තියෙනවා මෙවැනි පත්වීම් හෙලා දකිනවා කියලා. අද මේ රජය අන්තර්ගත කොටසක් වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරුන් මේවාට එකග නැත්නම් ඒවාට යම් කිසි පියවරක් ගත යුතුයි.’’