Gossips

පදියතලාවේ විරෝධතාවකට පොලීසියෙන් කඳුළු ගෑස්

අම්පාර – මහනුවර ප්‍රධාන මාර්ගය පදියතලාව ප්‍රදේශයෙන් අවහිර කරමින් සිදුකළ විරෝධතාවක් විසුරුහැරීමට පොලීසිය අද කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළා.
හිරු වාර්තාකරු සඳහන් කළේ මීට සතියකට පමණ ඉහතදී වැලි ප්‍රවාහන කරමින් තිබූ ටිපර් රථයකට පුද්ගලයෙකු යටවී මියයෑමේ සිද්ධියකට එරෙහිව මෙලෙස ප්‍රදේශවාසීන් අද දහවල් විරෝධතාවයේ නිරතවූ බවයි.
මේ හේතුවෙන් අම්පාර – මහනුවර ප්‍රධාන මාර්ගය පැය දෙකකට වැඩි කාලයක් අවහිර වූ අතර, ඒ අනුවයි විරෝධතාකරුවන් විසුරුවා හැරීම සඳහා පොලීසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර ඇත්තේ.
මීට අමතරව ප්‍රදේශවාසීන් විසින් වැලි ප්‍රවාහනය කළ ටිපර් රථ 6 ක් ඔවුන්ගේ ග්‍රහණයට ගෙන තිබූ අතර, එයද පොලීසිය මැදිහත්වී මුදාගෙන තිබෙනවා.