Gossips

පදික මාරුවේදී බස් රථයකට යටවී දැරියක් මරුට

සිය මිත්තණිය සමග අද පෙරවරුවේ කෑගල්ල නගරයේ පදික මාරුවක් මතින් ගමන් කරමින් සිටි නව හැවිරිදි දැරියක් කෑගල්ල නගරයේදී බස් රථයකට යටවී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඇය එම අවස්ථාවේ උපකාරක පන්තියකට යමින් සිට ඇති බවයි පොලීසිය ප්‍රකාශ කළේ.
කෑගල්ල – සියඹලාපිටිය ප්‍රදේශයේ පදිංචි මියගිය දැරිය කෑගල්ල ශාන්ත ජෝශප් බාලිකා විද්‍යාලයේ 3 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන බවයි පොලීසිය සදහන් කළේ.
අද උදෑසන 9.45 ට පමණ ඇකිරියගල සිට කෑගල්ල නගරය දක්වා ධාවනය වූ මගී ප්‍රවාහන බස් රථයකට යටවීමෙනුයි දැරිය අනතුරට ලක්වී ඇත්තේ.
බරපතල තුවාල ලැබූ ඇය කෑගල්ල මහ රෝහලට ඇතුලත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී මරණයට පත්ව තිබෙනවා.
සිද්ධියෙන් සුළු තුවාල ලැබූ දැරියගේ මිත්තණිය කෑගල්ල රෝහලට ඇතුළත් කර ඇති අතර අනතුර සිදුකළ බස් රථයේ රියදුරු කෑගල්ල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු අද කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.