Gossips

පදවිය, ධීවරයින්ගේ බලපත්‍ර තහනම් කෙරේ

නීතිවිරෝධී අයුරින් අනුරාධපුර – පදවිය වැවේ මසුන් මැරීමේ නිරතව සිටින බවට ලද පැමිණිල්ලකට අනුව පරීක්ෂා කිරීම සඳහා ගිය ජාතික ජලජීවි වගා සංවර්ධන අධිකාරියේ නිලධාරීන්ට පහරදුන් ධීවරයින්ගේ බලපත්‍ර අහෝසි කිරීමට උපදෙස් ලබාදී තිබෙනවා.
පෙරේදා මෙලෙස නිලධාරීන් පිරිස ප්‍රහාරයකට ලක්වූ අතර, එහිදී හබලකින් පහර කෑ එක් නිලධාරියෙකු බරපතල තුවාල ලබා රෝහල් ගත කෙරුණා.
ජාතික ජලජීවි වගා සංවර්ධන අධිකාරියේ නිලධාරීන් සිදුකරන ලද පැමිණිල්ලකින් අනතුරුව පහරදුන් ධීවරයින් 04 දෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගත්තා.
මේ පිළිබඳව කරුණු විමසූ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර වහාම අදාළ ධීවරයින්ගේ බලපත්‍ර අහෝසි කිරීමට පියවර ගන්නා ලෙස ජාතික ජලජීවි වගා සංවර්ධන අධිකාරියේ සභාපති උපාලි මොහොට්ටිට උපදෙස් ලබාදී ඇති බව සඳහන්.