Gossips

පදවියේ වෑන් රථ අනතුරකින් එක් අයෙකු මියගොස් 10 දෙනෙකුට තුවාල

අනුරාධපුර – පදවිය – බුද්ධංගල මධ්‍ය මහා විද්‍යාලය ආසන්නයේ දී වෑන් රථයක් විදුලි කණුවක ගැටී සිදුවු අනතුරකින් කාන්තාවක මියගොස් තවත් 10 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
අද (19) උදෑසන මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ ශ්‍රී පාද වන්දනාවේ ගොස් නැවත යමින් සිටි වැලිඔය ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් බවයි පොලීසිය සඳහන් කළේ.
තුවාල ලැබූවන් පදවිය රෝහලට ඇතුළත් කෙරුණු අතර, බරපතල තත්ත්වයේ පසුවූ 6 දෙනෙකු අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත මාරුකර යැවුණා.
තුවාලකරුවන් අතර භික්ෂූන් වහන්සේ නමක්ද සිටින බවයි පදවිය පොලීසිය කියා සිටියේ.