Gossips

පතොරොම් තුවක්කුවක් සමඟ තුන්දෙනෙකු අත්අඩංගුවට

බලපත්‍ර නොමැතිව පතොරොම් තුවක්කුවක් ළඟ තබාගෙන සිටි සැකකරුවන් 3 දෙනෙකු මාවනැල්ල – ඉලුක්ගොඩ ප්‍රදේශයේදී අද (23) අලුයම අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මොවුන් අවුරුදු 18, 21 සහ 23 යන වයස්වල පසුවන මාවනැල්ල – දනාගමවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවන්.
අත්අඩංගුවට ගැනීම සිදුකරන අවස්ථාවේ සැකකරුවන් ලඟ තිබී පතොරොම් දෙකක් සහ පිහියක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.