Gossips

පතුරම් තොගයක් සිරුරේ සඟවාගෙන ගිය අයෙක් අත්අඩංගුවට

ටී56 පතුරම් තොගයක් සිරුරේ සඟවාගෙන මහමග ගමන්කරමින් සිටි අයෙකු ඇල්පිටිය කුරුදුගහ නගරයේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පසුව සැකකරු ඇල්පිටිය මහේස්ත්‍රාත් ගයාන් මීගහගේ මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළඹෙන 17 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගතකර කිරීමට නියෝග කෙරුණා.
සැකකරු සිය ශරීරයේ ටී56 පතුරම් 17ක් මෙලෙස සඟවාගෙන ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ කිරිපේද්ද, කරන්දෙණිය ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි පුද්ගලයෙක්.
සැකකරු අදාළ පතුරම් තොගය කුමන හේතුවක් සඳහා රැගෙන පැමිණියාද යන්න පිළිබඳව මෙතෙක් තොරතුරු අනාවරණ වී නොමැතිබවයි වාර්තා වන්නේ.
ඇල්පිටිය පොලිසියයි සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන්නේ.