ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ සිටිමින් ඒකාබද්ධ විපක්ෂය සමඟ ඉදිරි දේශපාලන කටයුතුවල නිරත වන බව එම පක්ෂයේ ගම්පහ හිටපු ආසන සංවිධායක, හිටපු නියෝජ්‍ය අමාත්‍ය පණ්ඩු බණ්ඩාරනායක පවසනවා.
යක්කල ප්‍රදේශයේ සිය නිවසේ ඊයේ (27) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.
පක්ෂය, තමන්ට නොදන්වා ගම්පහ ආසන සංවිධායක ධුරයට අජිත් බස්නායක නැමති ව්‍යාපාරිකයෙකු පත් කර ඇති බවයි ඔහු කියා සිටියේ.
