Gossips

පකිස්ථාන හිටපු අගමැතිට වසර 10 ක සිර දඬුවමක්

පකිස්ථාන හිටපු අග්‍රාමාත්‍ය නවාස් ශරීෆ්ට එරට අධිකරණයක් විසින් වසර 10 ක සිර දඬුවම් නියමකර තිබෙනවා.
ඒ ලන්ඩන් නුවර සුඛෝපභෝගී නිවාස සංකීර්ණ 4 ක් සම්බන්ධ අක්‍රමිකතාවකට අදාළවයි.
මෙම චෝදනාවන්ට දඩුවම් නියම කෙරුනේ නඩු විභාගය අවස්ථා කිහිපයකදී ප්‍රමාද වීමෙන් ද පසුව වීම විශේෂත්වයක්.
අදාළ චෝදනාවන්ට හිටපු අගමැතිවරයාගේ දියණියට වසර 7 ක සිර දඬුවම් සහ බෑනාට වසරක සිර දඬුවම් නියම කෙරුනා.
කෙසේවෙතත් නවාස් ශරීෆ් පෙන්වා දෙන්නේ දේශපාලනිකව තමා දුර්වල කිරීමේ අරමුණින් මෙම දඩුවම් ලබාදී ඇති බවටයි.
මේ වන විට පකිස්ථාන හිටපු අගමැතිවරයා දියණිය ද සමග ලන්ඩන් නුවර වාසය කරන්නේ සිය බිරිඳට වැළඳී ඇති පිළිකාවට ප්‍රතිකාර ලබාදීම හේතුවෙන්.