පක්ෂ 03කට බෙදී සිටින එකම දූෂිත කණ්ඩායම පරාජය කර ජවිපෙ දිනවන්න…
“ජනතාවට අපි කියන්නේ ඔබ වෙනස් වී මේ ඡන්දයට මුහුණ දෙන්න කියලයි. ඡන්දදායකයා වෙනස් නොවී මේ දූෂිත පාලන තන්ත්රය වෙනස් කරන්න බැහැ. දූෂණයෙන් තොරව පළාත් පාලන ආයතන මට්ටමෙන් ජනතාවගේ මුදල් සංවර්ධනයට යොදාගෙන රට ගොඩනඟන වැඩපිළිවෙළ ශක්තිමත් කරන්නත් ඒ වගේම 2020 මැතිවරණයෙන් පසුව නව සමාජ ක්‍රමයක් ගොඩනැඟීම වෙනුවෙන් විශාල උත්තේජනයක් ලබාදෙන්නත් මේ මැතිවරණය යොදා ගන්න කියලා අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ඉදිරි දින කීපය තුළ නොයෙක් සංකීර්ණ තත්වයන් මතුකර, ජනතාව ව්‍යාකූලත්වයට පත්කරන බොහෝ දේ සිදුවිය හැකියි. ඒ කිසිවකට හසුනොවී මේ වන විට ගෙන තිබෙන ස්ථාවරයන් රැකගනිමින් දූෂණ විරෝධී විකල්පය වන ජනතා විමුක්ති පෙරමුණ ශක්තිමත් කරන්න කියලා අපි ඡන්ද දායකයන්ගෙන් ඉල්ලා සිටිනවා.” යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා පවසයි.
ඒ මහතා මේ බව පැවසූවේ අද (05) පෙරවරුවේ බත්තර මුල්ල පැලවත්ත පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිණි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අනුර දිසානායක මහතා…
“පළාත් පාලන මැතිවරණයේ අවසන් භාගයට දැන් පැමිණ සිටිනවා. ජනතා විමුක්ති පෙරමුණ වශයෙන් මේ දක්වා අප සැලකිය යුතු ජයග්‍රහණ ප්‍රමාණයක් මහජනතාව සමග එක්ව දිනාගෙන තිබෙනවා. 2012 බැසිල් රාජපක්ෂ ඇමතිවරයාගේ මූලිකත්වයෙන් සම්පාදනය කර තිබූ විකෘති, ඉතාමත්ම ප්රජාතන්ත්ර විරෝධී මැතිවරණ ක්‍රමය වෙනුවට ජනතාවගේ සාධාරණ මතය පිළිබිඹුවන මහජන නියෝජනයක් ලබාදෙත හැකි, ඡන්ද ක්‍රමයක් යටතේයි මේ මැතිවරණය පැවැත්වෙන්නේ. එය දිනාදීමේ සුවිශේෂී කාර්යභාරයක් ජනතා විමුක්ති පෙරමුණ හැටියට අප විසින් ඉටුකරනු ලැබුවා. එය ජයග්‍රහණය කිරීම පක්ෂයක් හැටියට ජනතා විමුක්ති පෙරමුණේ කැපවීමෙන් ජනතාවට ලබාදුන් විශාල වශයෙන් ප්රජාතන්ත්රවාදය ශක්තිමත් කළ ජයග්‍රහණයක්.
මේ මැතිවරණයට ජනතා විමුක්ති පෙරමුණේ අපි, ඉදිරිපත් වුණේ ප්‍රධාන අරමුණු දෙකක් සහිතවයි. ඉන් පළමුවැන්න ජනතාවගේ ජීවිතවලට එදිනෙදා බලපාන ඉතාම සමීප කාර්යභාරයක් ඉටුකරන ප්‍රාදේශීය සභා, නගර සභා, සහ මහනගර සභාවල භූමිකාව ජනතාවට අවබෝධකර දෙමින් මේ වන විට ඒ පළාත් පාලන ආයතන විසින් ඉටුනොකර තිබෙන ක්‍රියාවලිය පැහැදිලිකර දීමයි. ගැබිණි මව්වරුන්ගේ සායන, ප්‍රාදේශීය සභාවේ මාර්ග පද්ධතිය, ක්‍රීඩා පිටි, පුස්තකාල, වගේම අවට පරිසරය ජනතාවට හිතකර ආකාරයට පවත්වාගෙන යෑම යනාදී මූලික කාර්ය භාරයන් පැවරී තිබෙන්නේ පළාත් පාලන ආයතනවලටයි. නමුත් මහජනතාවට ඒ පිළිබඳව කිසිම අවබෝධයක් නැති බව අපට පැහැදිලිව පෙනුණා. දැන් ඒ විෂය පථය ගැන ජනතාවට ප්‍රමාණවත් අවබෝධයක් තිබෙනවා. නමුත් මේ දක්වා පළාත් පාලන ආයතනවලින් කර තිබෙන්නේ ග්‍රාමීය මාර්ග නඩත්තු කිරීම, යළි යළිත් කරගෙන යෑම පමණයි. කොන්ත්‍රාත් හරහා විශාල මුදලක් උපයා ගැනීමට පමණයි ඒ කටයුත්තත් කර තිබෙන්නේ. මේ තත්ත්වය වෙනස් කරමින් ජනතාවගෙන් ලබාගන්නා බදු මුදල් සහ මධ්‍යම රජයෙන් ලැබෙන යම් ප්රතිපාදනයන් යොදාගෙන වංචාවෙන් දූෂණයෙන් තොරව මහජනතාවගේ සමීපතම ආයතනය බවට පළාත් පාලන ආයතන, ගොඩනැඟීමේ වැඩපිළිවෙළ ජයග්‍රහණය කරවීමේ පණිවුඩය ජනතා විමුක්ති පෙරමුණ හැටියට අපි ගෙනගියා.
අපේ දෙවැනි අරමුණ වී තිබෙන්නේ ආර්ථික, දේශපාලනික, සමාජ සහ සංස්කෘතිකමය වශයෙන් අන්ත ප්‍රපාතයකට ඇදදමා තිබෙන මේ රට ගොඩනැඟීම පිළිබඳව දැක්මක් සහිතව ක්රියාකිරීමයි. මේ පළාත් පාලන මැතිවරණය ඒ සඳහා පළල් මතවාදීමය අරගලයක් ලෙස අපි යොදා ගත්තා. 70 වසරක් පුරා මේ රට ගෙනගිය මාවතේ තව අඟලක්වත් ඉදිරියට ගෙනයාමට බැරි බව දැන් ඉතාමත්ම පැහැදිලියි. මේ නිසා 2020දී පාලන බලය වෙනස් කරන මැතිවරණයක උත්තේජනයක් ලබා ගැනීමේ, මේ දූෂිත, කුණුවුණු සමාජ ක්‍රමය වෙනුවට නව සමාජ ක්‍රමයක් ගොඩනැඟීමට උත්තේජනයක් ලබාගැනීමේ මැතිවරණයක් බවට මෙය පත්කර ගත්තා. පසුගිය මාස එකහමාරක කාලයක් පුරා, මේ අරමුණ වෙනුවෙන් සුවිශේෂී මැතිවරණ ව්‍යාපාරයක් අප ගෙන ගියා. තනි පක්ෂයක් ලෙස වැඩිම අපේක්ෂක පිරිසක් ඉදිරිපත් කර තිබෙන්නේ ජනතා විමුක්ති පෙරමුණයි. ඉතිහාසයේ පළමු වරට යාපනය නගර සභාව, එරාවුර්, කාත්තන්කුඩි, නල්ලූර් වැනි පළාත් පාලන ආයතනවලට අපි අපේක්ෂකයන් ඉදිරිපත් කර තිබෙනවා.
ඒ වගේම විශේෂයෙන් සිංහල, දෙමළ, මුස්ලිම් ජාතිකත්ව අතර සමගිය ආරක්ෂා කිරීම සඳහා එක් එක් කණ්ඩායම් යටතේ බෙදී සිටීම වෙනුවට එක සෙවණක් යටතේ දේශපාලනය කරන වැඩපිළිවෙළකට ජනතාව ඒකරාශී කර ගැනීමත් අපේ අරමුණක් වී තිබෙනවා. ජනතාවගේ ජිවිත එක්ක අතිශය සමීප විශාල පිරිසක් ගමේ නායකයන් ලෙස ගොඩනැගීමත් ජාතික සමගිය ගොඩනැගීමේ අරමුණ කරා යාමට සුදුසු පිරිසක් මෙවර අපි අපේක්ෂකයන් වශයෙන් ඉදිරිපත් කර තිබීමත් විශාල ජයග්‍රහණයක්. රටේ දැන් බරපතළ ප්‍රශ්නයක් වී තිබෙන වංචා, දූෂණ පරාජය කිරීම පිළිබඳ වගේම මේ වංචනිකයන්, දූෂිතයන්ට නීතිය මඟින් දඬුවම් ලබාදීමේ ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ජනතාවගේ අවධානය අපි මෙහිදී යොමුකර තිබෙනවා. එයාර් ලංකා ආයතනයේ පහුගිය අවුරුදු 10 තුළ ලබා තිබෙන පාඩුව රුපියල් කෝටි 12,500යි. හෙජින් ගිවිසුමෙන් සිදුකර තිබෙන පාඩුව රුපියල් කෝටි 1,020යි. ඒ වගේම බැඳුම්කර වංචාවෙන් මාස 05ක පාඩුව කෝටි 1,100යි. නාවික හමුදාවේ මුහුදු ආරක්ෂණ සේවය ඇවන්ගාඞ් එකට දීමේ පාඩුව 1,140යි. එයාර් ලංකා සමාගම එයාර් බස් ලබාගැනීමට අත්සන් කර තිබූ ගිවිසුම අවලංගු කිරීම වෙනුවෙන් ගෙවා තිබෙන වන්දිය රුපියල් කෝටි 1,800යි. තෙල් සංස්ථාවට ටෙන්ඩර්වලින් පරිභාහිරව තෙල් මිලදී ගැනීමෙන් කර තිබෙන පාඩුව කෝටි 1,400යි. බහුතරයක් පළාත් පාලන ආයතනවල වාර්ෂික ආදායම රුපියල් කෝටි 2කට අඩුයි. හැබැයි මහජන ධනය මහා පරිමාණයෙන් වංචා-දූෂණයට යොදා ගනිමින් තිබෙන්නේ මේ ආයතනවලයි. “ගම ගොඩනඟන දූෂණය පරදන බලය” කියන සටන් පාඨය අපි යොදා ගත්තේ පළාත් පාලන ආයතන මට්ටමින් ජනතාව දැනුවත් කරමින් ඒ වටා බලයක් ඒකරාශීකර ගැනීමටයි. බොහෝ අය වෙනත් විවිධ සටන් පාඨ මුලදී යොදාගත්තත් දැන් ඒ හැම එකක්ම අවලංගුයි. ඔවුන් හැම කෙනෙක්ම දූෂණ විරෝධීන් හැටියට පෙනී සිටිනවා.
මෛත්‍රීපාල සිරිසේන මහතා මොට්ට කඩුව වන වනා දූෂණ විරෝධය ගැන කතා කරනවා. ඒ වගේම මහින්ද රාජපක්ෂ මහතා බලයට ඇවිත් දූෂිතයන්ට දඬුවම් දෙන බව කියනවා. රනිල් වික්‍රමසිංහ මහත්තයා කියන්නෙත් ඒකමයි. ජනතා විමුක්ති පෙරමුණ ඔසවන ලද දූෂණයට එරෙහි සටන් පාඨය දැන් දූෂිතයන් අරගෙන. ඔවුන් මැතිවරණයේදී මොන ආකාරයට දූෂණයට එරෙහිව කතා කළත් මැතිවරණයෙන් පසුවත් ජනතා විමුක්ති පෙරමුණ මැදිහත්වී දූෂණ විරෝධී ප්‍රබල මහජන ව්‍යාපාරයක් ගොඩනඟනවා. ඊට අත්තිවාරම මේ මැතිවරණය ඔස්සේ දමාගෙන අවසන්. මහින්ද රාජපක්ෂ මහතා මේ මැතිවරණයට ආවේ, රට බෙදන බව කියමින්. ඒ වගේම ඔහු අගමැති කරවන බව කියමින්. දැන් ඒ සටන් පාඨය වෙනස් කරලා. අගමැති කිරීම ගැන කතාකරන්නේ නැහැ. රට බෙදීම ගැන කතාවෙන්නෙත් නැහැ. එක දෙයක් කියන්න ඕනෑ. මැතිවරණවලදී විතරක් නොවෙයි, ඕනෑම අවස්ථාවකදී ඕනෑම ආකාරයකින් එන රට බෙදීමේ ව්‍යාපාරවලට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ නැගී සිටිනවා. ඒ ඕනෑම බලවේගයක් පරාජය කරනවා. රාජපක්ෂ මහත්තයාට දැන් සටන් පාඨ ඉවරයි.
ඒ වගේම රනිල් වික්‍රමසිංහ මහත්තයා කියන්නේ රට හැදුවා වගේ ගම හදන්නත් බලය දෙන්න කියලයි. ආණ්ඩු බලය තියෙන අයටම ගමේ බලය දෙන්න කියලයි. ආණ්ඩු බලය දීලා අවුරුදු 3ක් වෙනවා. රට අන්ත ප්‍රපාතයකට වැටිලා. වංචාව – දූෂණය දැවැන්ත වේගයකින් මතු වෙනවා. මේ අයටම ගමේ බලය දුන්නොත් ගම හපයක් කිරීම පමණයි ඔවුන්ට කළ හැක්කේ. ලක්ෂ්මන් කිරිඇල්ල ඇමතිවරයා තර්ජනාත්මක ප්‍රකාශයක් කරමින්, කියා තිබෙන්නේ එක්සත් ජාතික පක්ෂයට බලය නැති පළාත් පාලන ආයතනවලට මධ්‍යම ආණ්ඩුවෙන් මුදල් නොදෙන බවයි. මේවා කිරිඇල්ලගේ පෞද්ගලික බූදලයක් නොවෙයි. ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට කිරිඇල්ලගේ බිරිඳගේ බලංගොඩ ඉඩම් පවරා ගැනීම වෙනුවෙන් වන්දි වශයෙන් හන්තානෙන් ඉඩම් ලබා ගත්තා. ඒ වගේම ඔහුගේ ස්ථාවර ගිණුමේ රුපියල් ලක්ෂ 4000ක් තිබෙනවා. මුදල් උපයා ගත්තේ කොහොමද? කියල ප්‍රශ්න කළාම ඔහු කීවේ, නඩු කියල ගත්තු ගාස්තු බවයි. ඔහු පෙනී හිටපු නඩුවක් දිනුවා කියල අපි නම් දන්නේ නැහැ. කොහොම වුණත් මේ බෙදන්නේ ඔහුගේ පෞද්ගලික බූදලයෙන් නොවෙයි. මධ්‍යම ආණ්ඩුවේ මුදල්. අපි එකක් සහතික වශයෙන් කියනවා. ජනාධිපතිවරණයෙන් රාජපක්ෂ මහත්තයා පැරදුණත් ඉතිරි අවුරුදු දෙකත්, ඉඳලම යන බවයි ඔහුගේ මැතිවරණ ව්‍යාපාරයේ අවසාන කාලයේදී කිව්වේ. අපි ජනතාවට කිව්වේ රාජපක්ෂ පරද්දන්න ඡන්දෙ දෙන්න. යවන හැටි අපි පෙන්වන්නම්, කියලයි. පැරදුණ හැටියෙම රාජපක්ෂ ගිය බව අපි දන්නවා. පළාත් පාලන ඡන්දයේදී ජනතා විමුක්ති පෙරමුණට බලය ලබාදෙන්න. ඔය නොදෙන බව කියන මුදල් ලබා ගන්න හැටිත් ඒ වගේම අපි පෙන්වනවා.
මෛත්‍රීපාල සිරිසේන මහතා දිගටම කියන්නේ පක්ෂය බෙදීම වැළැක්වීමට ඡුන්දය දෙන්න කියලයි. මේ මැතිවරණය කියන්නේ එයාගේ පක්ෂයේ කටයුත්තක් නොවෙයි. පක්ෂයේ ප්‍රශ්න මධ්‍යම කාරක සභාවේ විසඳගන්න කියල අපි ඔහුට මතක් කරනවා. මෑතක සිට ජනාධිපතිවරයා කරන ප්‍රකාශ ඔහුගේ මැතිවරණ ව්‍යාපාරය අඩාල කිරීමට හේතුවන බව පේනවා. මේ වගේ ගත්තාම ඔය පාර්ශ්ව තුනේම මැතිවරණ ව්‍යාපාරවල සටන්පාඨ අවසන්. ඒ වගේම දැන් ඔවුන්ගේ මුළු මැතිවරණ ව්‍යාපාරයම ඔවුන්ගේ ව්‍යාකූල වී තිබෙනවා. ඒ නිසා වෙනත් සටන්පාඨ සොයමින් ඉන්නවා. ඒ අතරේ ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන සටන් පාඨය ජනතාව අතර, ශක්තිමත් වෙලා තිබෙන්නේ. එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, වගේම පොහොට්ටුවේ නායකයෝ හොරකමට, නාස්තියට අනුබල දුන්නා වගේම රටේ ආර්ථිකය කඩා වට්ටන්නත් ප්රබලව ක්‍රියාකළා. එ් පක්ෂවල පාක්ෂිකයන්ගේ අරමුණත් නායකයන්ගේ අරමුණත් අතර විශාල පරතරයක් තිබෙනවා. නායකයන් රට හෝ ජනතාව ගැන නොහිතා කර තිබෙන වංචා -දූෂණ ප්‍රමාණය කෝටි ප්‍රකෝටි ගණනින් බව දැන් ඔප්පු වී තිබෙනවා.
ජනතාවට අපි කියන්නේ ඔබ වෙනස් වී මේ ඡන්දයට මුහුණ දෙන්න කියලයි. ඡන්දදායකයා වෙනස් නොවී මේ දූෂිත පාලන තන්ත්රය වෙනස් කරන්න බැහැ. දූෂණයෙන් තොරව පළාත් පාලන ආයතන මට්ටමෙන් ජනතාවගේ මුදල් සංවර්ධනයට යොදාගෙන රට ගොඩනඟන වැඩපිළිවෙළ ශක්තිමත් කරන්නත් ඒ වගේම 2020 මැතිවරණයෙන් පසුව නව සමාජ ක්‍රමයක් ගොඩනැඟීම වෙනුවෙන් විශාල උත්තේජනයක් ලබාදෙන්නත් මේ මැතිවරණය යොදා ගන්න කියලා අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ඉදිරි දින කීපය තුළ නොයෙක් සංකීර්ණ තත්වයන් මතුකර, ජනතාව ව්‍යාකූලත්වයට පත්කරන බොහෝ දේ සිදුවිය හැකියි. ඒ කිසිවකට හසුනොවී මේ වන විට ගෙන තිබෙන ස්ථාවරයන් රැකගනිමින් දූෂණ විරෝධී විකල්පය වන ජනතා විමුක්ති පෙරමුණ ශක්තිමත් කරන්න කියලා අපි ඡන්ද දායකයන්ගෙන් ඉල්ලා සිටිනවා.”
මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින්…
“මැතිවරණ ව්‍යාපාරය ඇතුළේ දේශපාලන තලයේ පමණක් නොව වෙනත් විවිධ තලවල පැතුරුණු ජයග්‍රහණ රැුසක් අපි අත්පත් කර ගෙන තිබෙනවා. ඒ නිසා ශක්තිමත් මැතිවරණ ප්‍රතිඵලයක් ලැබෙන බව අපිට විශ්වාසයි. පසුගිය මහා මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයට ඡුන්ද ලක්ෂ 50ක් ලැබුණා. මෛතී‍්‍ර-මහින්ද දෙදෙනා ලක්ෂ 48ක් ලබාගත්තා. මේ පාර්ශ්වයන්ගේ ඡුන්ද විශාල වශයෙන් කඩා වැටෙන බව ස්ථීරයි. ජනතා විමුක්ති පෙරමුණට ලැබී තිබුණේ, ඡුන්ද ලක්ෂ 5 1/2යි. එය විශාල වශයෙන් වර්ධනය වෙන බව ජනතාවගේ ප්‍රතිචාරවලින් පැහැදිලියි.
සී.අයි.ඩී. එකෙන් යම් කෙනෙක් අත්අඩංගුවට ගන්න හැටි අපි දන්නවා. නමුත් අර්ජුන් ඇලෝසියස් අත්අඩංගුවට ගැනීම කල්තියා සකස් කරන ලද පිටපතක් අනුව සිදුකළ බව අපිට පැහැදිලියි. උදයංග වීරතුංග අත්අඩංගුවට ගැනීමත් එහෙමයි. ඔහු අතුරුදහන්වී ඇති බව එක කාලයක කීවා. ඒ කාලයේ මහින්ද රාජපක්ෂ මහතා ජපානයේ ගිය හැම අවස්ථාවකම උදයංග වීරතුංගත් හිටියා. ඒ වගේම හිටපු නියෝජ්‍ය ඇමතිවරයෙකු වන අරුන්දික ප්‍රනාන්දු එක්ක කෑම කන පින්තූර අපි දැක්කා. ඒ නිසා මේ අත්අඩංගුවට ගැනීම් මැතිවරණය ඉල්ක්ක කර ගනිමින් කරන රඟපෑම් විතරයි. ජනාධිපතිවරයා ඇත්තටම දූෂණ විරෝධී කි‍්‍රයාමාර්ගවල යෙදී ඉන්නවා නම්, ඔහුම පත්කළ කොමිෂන් සභා වාර්තා අනුව විශාල පිරිසක් අත්අඩංගුවට ගැනීමේ හැකියාව තිබෙනවා. මහා පරිමාණ වංචා-දූෂණ සම්බන්ධයෙන් ඇතැම් ආයතනවල වාර්තා ජනාධිපතිවරයාට ලබාදී අවුරුදු 2ක් පසුවී තිබෙන බවත් පැහැදිලියි. මැතිවරණ සමයේ මේ හඹාගෙන යන්නේ ඇත්තවශයෙන්ම ¥ෂණ විරෝධයෙන් කටයුතු කිරීමට නොවෙයි. ජනාධිපති කොමිෂමෙන් හෙළිවී තිබෙන දූෂිතයන් අරගෙන ජනාධිපතිවරයාගේ මැතිවරණ බල ඇණිය ශක්තිමත් කරගෙන තිබෙනවා. අම්පාර දැයට කිරුළ වංචා සම්බන්ධයෙන් ප්‍රධාන චූදිතයෙක් වන නලීන් ඉන්දික දැන් ජනාධිපතිවරයාගේ මැතිවරණ ව්‍යාපාරයේ ඉන්නවා. මේ වගේ ගණනාවක් පිරිවරාගෙන දූෂණ විරෝධය ගැන කතා කළාට වැඩක් නැහැ. මේ දේශපාලන සංස්කෘතිය වෙනස් කළ යුතුයි. ඒ සඳහා පක්ෂ තුනකට බෙදී සිටින වග පෙන්වන එකම දූෂිතයන් කණ්ඩායම පරාජය කරමින් පෙබරවාරි 10වෙනිදා මැතිවරණයෙන් ජනතා විමුක්ති පෙරමුණ ශක්තිමත් කිරීම ජනතාවගේ යුතුකමක්.”