Gossips

පක්ෂ නායක රැස්වීම ඇරඹේ

කතානායක කරූ ජයසූරියගේ ප්‍රධානත්වයෙන් පක්ෂ නායක රැස්වීම මේ වනවිට ආරම්භ වී තිබෙනවා.
අද දිනයේ පාර්ලිමේන්තු කටයුතු සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබදව තේරීම් කාරක සභා සම්බන්ධයෙන් මෙහිදී පක්ෂ නායකයන්ගේ විශේෂ අවධානය යොමුවනු ඇති.
මේ අතර, ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම් ද ආරම්භ වීමට නියමිතයි.
අප වාර්තාකරු සදහන් කළේ මේ වනවිටත් මැති ඇමතිවරුන් පාර්ලිමේන්තු සංකීර්ණය වෙත පැමිණෙමින් සිටින බවයි.