Gossips

පක්ෂ නායක රැස්වීමක් හෙට

විශේෂ පක්ෂ නායක රැස්වීමක් හෙට (18) පැවැත්වීමට නියමිතව තිබෙනවා.
පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු තීරණය කිරීම සඳහා අදාළ රැස්වීම කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙනු ඇති.
හෙට පස්වරු 01 ට පාර්ලිමේන්තුව යළි රැස්වනවා.
මේ අතර නව අගමැතිවරයා සහ ඇමති මණ්ඩලය වෙනුවෙන් පාර්ලිමේන්තුවේ ආසන පැනවීමද අද සිදුකරන බව ප්‍රධාන වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු සදහන් කළා.
හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී ඔහු කියා සිටියේ කථානායකවරයාගේ උපදෙස් මත මෙලෙස ආසන පැනවීම සිදුකරන බවයි.
එමෙන්ම පාර්ලිමේන්තුවේ ආරක්ෂක වැඩපිළිවෙල සම්බන්ධයෙන්ද කථානායකවරයා සමග අද (17) සාකච්ඡා කිරිමට බලපොරොත්තුවන බවද ඔහු සඳහන් කළා.