Gossips

පක්ෂයේ මතයට පටහැනිව බලය පිහිටුවන පුංචි මන්ත්‍රීවරුන්ට රතු එළියක් – නීතිවේදීන් කණස්සල්ලෙන්

පක්ෂයේ මතයට පටහැනිව තම අභිමතය පරිදි පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමට කටයුතු කළහොත් ඔවුන්ට එරෙහිව විනය පියවර ගැනීමේ හැකියාවක් පවතින බවට පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසනවා.
ඒ අනුව පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ පනතට අනුව පක්ෂ මහලේකම්වරයාට ඊට අදාළ විනය පියවර ගැනීමේ හැකියාව පවතින බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ.
පළාත් පාලන ආයතනවල බලය පිහිටුවන ආකාරය සම්බන්ධයෙන් නීතිවේදීන් කණස්සල්ල පළ කරනවා.
පසුගිය දින කිහිපය තුළ බහුතර බලය නොමැති පළාත් පාලන ආයතනවල බලය පිහිටුවා ගත් ආකාරයෙන් සැබෑ ජනතා මතය පිළිඹිබු නොවන බවයි ඔවුන්ගේ මතය වී ඇත්තේ.
නගරාධිපති, සභාපති ධුර තේරීමේදී තුණ්ඩු ක්‍රමය හෝ කාසියේ වාසිය උරගා බැලීම වැනි ක්‍රියා තුළින් ජනතාව ලබාදුන් ජනමතය හෑල්ලුවට ලක්වන බව කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය ප්‍රතිභා මහානාම හේවා හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් සඳහන් කළා.