Gossips

පක්ෂයේ අනුදැනුමකින් තොරව පළකළ අදහස් ගැන මහින්ද සමරසිංහගෙන් නිවේදනයක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි ගමන්මග පිළිබදව පක්ෂයේ සාමාජිකයන් නොවන කිහිප දෙනෙක් ඊයේ මාධ්‍ය වෙත පලකල අදහස් පක්ෂයේ අනුදැනුමකින් තොරව පලකර ඇතැයි මහින්ද සමරසිංහ මහතා නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙනවා.
විශේෂ ප්‍රකාශයක් කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්වරයාද පවසන්නේ පක්ෂයේ නොවන අයගේ අසත්‍ය ප්‍රචාරවලට නොරැවටෙන ලෙස පාක්ෂිකයන්ගෙන් ඉල්ලා සිටින බවයි.
නිවේදනයක් නිකුත්කරමින් මහින්ද සමරසිංහ මහතා සදහන් කර ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි ගමන්මග පිළිබදව පක්ෂයේ සාමාජිකයන් නොවන කිහිප දෙනෙක් ඊයේ මාධ්‍ය වෙත අදහස් දක්වා ඇති බවත් ඒවා පක්ෂයේ අනුදැනුමකින් තොරව සිදුකර ඇති බවත්ය.
ඒ හේතුවෙන් එම ප්‍රකාශ කිසිවක් පිළි නොගන්නා බව නිවේදනයෙන් පෙන්වා දී ඇති මන්ත්‍රීවරයා පවසන්නේ පක්ෂයේ මධ්‍යම කාරක සභාව හෝ පක්ෂ නායකත්වය ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබදව ඉදිරියේදී මාධ්‍ය දැනුවත් කිරීමට කටයුතු කරන බවයි.