Gossips

පංච මහා සාගරවල පතුල සොයයි

පෘථිවියේ සියලුම සාගරවල ගැඹුරුම ස්ථාන නිර්ණය කිරීමේ ව්‍යාපෘතියක් ඇමරිකානු ගවේෂණ සමාගමක් විසින් ආරම්භ කර තිබෙනවා.
එහි මුල් පියවර වන්නේ ටයිටේනියම් ලෝහයෙන් ගැඹුරු මුහුදු පත්ලේ කැණීම් සිදුකළ හැකි සබ්මැරීනයක් නිපදවීමයි.
ඒ සඳහා වසර 3ක් ගත වන බව ෆ්ලොරිඩාවේ ක්‍රියාත්මක අදාළ සමාගම සඳහන් කළා.
ඉන් අනතුරුව ගවේෂක වික්ටර් වෙස්කෝවෝ ඇතුළු කණ්ඩායමක් සෑම සාගරයකම ගැඹුරුම ස්ථාන සෙවීමේ මෙහෙයුම ආරම්භ කරනු ඇති.
වෙස්කෝවෝ, එවරස්ට් ඇතුළු ලොව උසම කඳු ශිඛර 7ම තරණය කර ඇති අතර, උත්තර සහ දක්ෂිණ ධ‍්‍රැවයන් ද තරණය කළ ගවේෂකයෙක්.