Gossips

නෞකා 3 ක් සිය ග්‍රහණයට ගැනීම සම්බන්ධයෙන් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් විශේෂ ප්‍රකාශයක්

යුක්රේනයට අයත් ප්‍රහාරක නෞකා 3 ක් සිය ග්‍රහණයට ගැනීම සම්බන්ධයෙන් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.
ඔහු කියා සිටියේ මෙම නෞකා සිය ග්‍රහණයට ගැනීම සාධාරණ බවයි.
යුක්රේනය දෙරට අතර ආරවුලක් ඇති කරගැනීමේ අරමුණින් මෙම ක්‍රියාව සිදුකර ඇති බවටද රුසියානු ජනාධිපතිවරයා චෝදනා කරනවා.
දේශ සීමා මුහුදු ප්‍රදේශයේදී යුක්රේන් ප්‍රහාරක නෞකා රුසියාව භාරයගනු ලැබුවේ පසුගිය ඉරිදායි.
එම අවස්ථාවේදී වෙඩි ප්‍රහාරයක්ද එල්ල කිරීම හේතුවෙන් යුක්රේන නැවියන් කිහිපදෙනෙකුද තුවාල ලැබුවා.
මෙම සිද්ධියත් සමඟ දෙරට අතර උණුසුම් තත්ත්වයක් ඇති වුණා.