Gossips

නෝර්වේ විදේශ ඇමතිනිය දිවයිනට

දෙදින නිල සංචාරයක් සඳහා නෝර්වේ විදේශ ඇමතිනී මේරිඈන් හේගන් දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා.
මේ මස 5 වනදා සහ 6 වනදා ඇය දිවයිනේ රැඳී සිටින අතර, එහිදී ඇය, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, විදේශ අමාත්‍ය තිලක් මාරපන සහ මුදල් අමාත්‍ය මංගල සමරවීර හමුවී සාකච්ඡා කිරිමට නියමිතයි.
එමෙන්ම අතුරුදන්වූවන්ගේ කාර්යාල නියෝජිතයින් සහ මානව හිමිකම් කොමිසමේ නිලධාරීන් පිරිසක්ද නෝර්වේ විදේශ ඇමතිනිය හමුවීමට බලාපොරොත්තු වන බවයි එරට තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.
මේ අතර උතුර ප්‍රදේශයේ සිදුකරන බිම් බෝම්බ ඉවත් කිරීමේ වැඩසටහන් නිරීක්ෂණය කිරීමටද මේරිඈන් හේගන් එක්වනු ඇති.