නේටෝ සංවිධානය යටතේ මෙහෙයුම් වල නිරත නෝර්වේ රාජ්‍යයට අයත් දැවැන්ත යුද නෞකාවක් තෙල් නැවක ගැටී මුහුදු බත් වී තිබෙනවා.
නෝර්වේ මුහුදු තීරයේ තෙල් අටොලුවකින් රැගෙන යමින් තිබූ මීටර් 250 ක් දිගැති මෝල්ටාවේ ලියාපදිංචි තෙල් නෞකාවකයි යුද නැව ගැටී ඇත්තේ.
ටොන් 5500 ක් බරැති මෙම නෝර්වේ යුද නැවේ විශාල සිදුරක් ඇතිවීම නිසා එය සුරක්ෂිත ලෙස මුදා ගැනීමේ උත්සාහ අසාර්ථක වී තිබෙනවා.
එමෙන්ම, ඕනෑම යුද්ධයකට මුහුණදිය යුතු යුද නෞකාවක් සෙමින් ගමන් කළ තෙල් නැවක ගැටී සිදුවූ මෙම අනතුර පිළිබදව නෝර්වේ වැසියන් විමතිය පළ කරන බව සදහන්.
පසුගිය වසර දෙක තුළ ඇමරිකානු යුද නෞකා කිහිපයක්ම මෙවැනි අනතුරුවලට මුහුණ දුන්නා.