Gossips

නෝර්වුඩ් අනතුරකින් දෙදෙනෙකුට තුවාල (ඡායාරූප)

නෝර්වුඩ් කැන්දකොල වත්ත ප්‍රදේශයේ සිදුවු අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා.
අද පස්වරු 2.30 ට පමණ අනතුර සිදුවී ඇත්තේ හැටන් සිට නෝර්වුඩ් දක්වා ගමන් ගත් ත්‍රී රෝද රථයක් මස්කෙළිය සිට හැටන් දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක ගැටීමෙනුයි.
ත්‍රී රෝද රථයේ රියදුරා සහ තවත් පුද්ගලයෙකු තුවාල ලබා දික්ඔය මුලික රෝහලට ඇතුලත් කර තිබෙනවා.
මේ අතර පොලිසිය ඉල්ලා සිටින්නේ මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල පවතින අයහපත් කාලගුණය හමුවේ රථ වාහන ධාවනයේදී සැලකිලිමත් වන ලෙසටයි.


ඡායාරූප – හැටන් රංජිත් රාජපක්ෂ / මස්කෙළිය ගාමිණී බණ්ඩාර