Gossips

නොහික්මුණු කන්ටේනර් රථ රියදුරා යතුරුපැදිකරුවන් 20ක් යටකරගෙන ගිය මාරක අනතුර CCTV කැමරාවක සටහන් වූ හැටි

නොහික්මුණු කන්ටේනර් රථ රියදුරෙක් විසින් සිදුකළ දරුණු අනතුරක් පිළිබඳව විදෙස් මාධ්‍ය මේ දිනවල වාර්තා කරනවා.
වියට්නාමයේ දකුණු දිග ලෝන්ග් ප්‍රදේශයේ මෙමදරුණු රිය අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
මාර්ගයේ, මාර්ග සංඥා දල්වා තිබූ අවස්ථාවක එහි නවතාගෙන සිටි යතුරුපැදිකරුවන් විසිදෙනෙකු මතින් අධික වේගයෙන් පැමිණි කන්ටේනර් රථයක් ධාවනය කර මෙම අනතුර සිදුකර තිබෙනවා.
පසුගිය 02වනදා මෙම අනතුර සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.
මෙම බිහිසුණු මාරක අනතුරින් යතුරපැදිකරුවන් 6 දෙනෙකු මියගිය අතර 22 දෙනෙකු බරපතල තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.
අනතුර සිදුකළ කන්ටේනර් රථ රියදුරා පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර මෙම අනතුර සිදුවන අවස්ථාවේ ඔහු අධිත ලෙස මත්ද්‍රව්‍ය භාවිත කර සිට ඇති බවයි අනාවරණය වී ඇත්තේ.
අනතුර සිදුවන ආකාරය අසල සවිකර තිබූ ආරක්‍ෂිත කැමරාවක සටහන් වී තිබූ අයුරු පහතින්.