Gossips

නොසිතූ මොහොතක ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සෙලවෙයි – ගිණුම් අංශයේ ලොක්කා ඇතුලේ දාපු සෙල්ලම එළියට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඇමරිකානු ඩොලර් මිලියන 5ක වංචාවක් හසුවීමෙන් පසුව එහි ගිණුම් අංශයට අද (10) සීල් තබා ඇතැයි වාර්තා වේ.
මේ වංචාවේ මහ මොළකරු බව පැවසෙන්නේ හිටපු ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතාගේ සමයේදී ගිණුම් අංශයේ ප්‍රධානියා ලෙස සේවයට එක්කරගත් පුද්ගලයකු බව පැවසේ.
ඔහු එංගලන්ත පිලේ ශ්‍රී ලංකා සංචාරය වෙනුවෙන් ශ්‍රී ලංකා පිලේ විකාශ අයිතිය ලබාගෙන ඇති සෝනි සමාගම ලබාදුන් ඩොලර් මිලියන 5ක මුදලක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නොවන වෙනත් ගිණුමකට යොමු කිරීමට උත්සාහ ගනිමින් මේ වංචාව සිදු කිරීමට උත්සාහ ගෙන තිබේ.
කෙසේවුවද, බදුවලින් බේරීමට එම මුදල ක්‍රිකට් ගිණුමට බැර නොකොට වෙනත් ගිණුමකට බැර කිරීමට උත්සාහ ගත්බව මේ සම්බන්ධයෙන් නිදහසට කරුණු දක්වමින් ගිණුම් අංශ ප්‍රධානියා පවසා තිබේ.
මේවන විට ක්‍රිකට් ආයතනයේ සියලුම ප්‍රධානීන් ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා හමුවීමට ඔහුගේ කාර්යාලයට ගොස් සිටින බවද ක්‍රිකට් ආයතන අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.