Gossips

නොසිතූ මොහොතක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට සුබ ආරංචියක්

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයන්ගේ තරඟ ගාස්තු සහ කොන්ත්‍රාත්තු මුදල් ඉහළදැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇති බවට ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරනවා.
මේ සම්බන්ධ කටයුතු මේ වනවිටත් අවසන්ව ඇති බවයි ක්‍රිකට් ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරන්නේ.
2019 ලෝක කුසලානය ඉලක්‌ක කරගනිමින් කණ්‌ඩායමේ සියලු අංශ සංවර්ධනය කිරීමේ අරමුණින් මෙසේ වැටුප් වැඩි කිරීමට තීරණය කර ඇති බව වැඩිදුරටත් සඳහන්.
ඒ අනුව වැටුප සියයට 30 ත් 50ත් අතර ප්‍රමාණයකින් මෙම වැටුප් වැඩිවීම සිදුවනු ඇති බවටයි වාර්තා වන්නේ.
ජාතික කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයන් ඛාණ්ඩ වර්ගීකරණයට අනුව එම වැඩිවීම සිදුවනු ඇති.
මේ අතර ටෙස්‌ට්‌, එක්‌දින සහ විස්‌සයි විස්‌ස තරඟ ගාස්‌තු ද සැලකිය යුතු මට්‌ටමකින් වැඩි කිරීමට නියමිත බවටයි තොරතුරු වාර්තා වන්නේ.