Gossips

නොවිසඳුණු ළමා අපචාර ලිපිගොනු 17,600 ක් නීතිපති දෙපාර්තමේන්තුවේ

2017 වසර අවසානයේ සිට මේ දක්වා නීතිපති දෙපාර්තමේන්තුවේ ගොඩ ගැසී ඇති නොවිසඳුණු ළමා අපචාර සිද්ධීන්වලට අදාළ ලිපිගොනු සංඛ්‍යාව 17,600 ඉක්මවන බව වාර්තා වනවා.
නීතිපති දෙපාර්තමේන්තුවේ වාර්ෂික වාර්තාව මේ මාසයේදී පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරන අතර, එහි මේ බව සඳහන්.
2017 වසරේදී ළමා අපචාර සම්බන්ධයෙන් වරදකරුවන් වූ 161 දෙනෙකු බන්ධනාගාර ගත කර ඇති අතර, එය 2015 වසරෙන් පසු අවම අගයයි.
ළමා ලිංගික අපචාර මෙන්ම ළමයින් සිඟමනේ යෙදවීම සහ මත් ජාවාරම සඳහා යොදා ගැනීම වැනි චෝදනාද ඊට ඇතුළත්.
ළමයින්ට බලපාන මෙම නඩු විසඳීම කඩිනම් කරලීමේ පියවර රැසක් ගෙන තිබුණද එය සාර්ථක නොවීමට හේතු රැසක් බලපා ඇති බව නීතිපති දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙකු සඳහන් කළා.
ලිපිගොනුවල පවතින අඩුපාඩු මීට ප්‍රධාන හේතුවක්.
මින් වැඩිම නඩු සංඛ්‍යාවක් ඇත්තේ වයස අවුරුදු 16 ට අඩු ළමයින් ප්‍රේම සම්බන්ධතා මත ඇතිකරගත් ගැටළු වන අතර, එවැනි සිද්ධීන්වලට අදාළව සාක්ෂි ලබාදීමට පැමිණීමට එම ළමයින් අකැමැත්තක් දැක්වීමද ගැටළු සහගත බව සඳහන්.