අද සිට නොවැම්බර් 16 වන දා දක්වා පාර්ලිමේන්තු සැසි වාරය අවසන් කිරීමේ ගැසට් නිවේදනය අද පස්වරුවේ නිකුත් කෙරුණා.
ජනාධිපතිවරයාගේ උපදෙස් මත මෙලෙස පාර්ලිමේන්තුවේ වාරය අවසන් කෙරෙන අතර නව සැසි වාරය ඒ අනුව නොවැම්බර් 16 වන දා ආරම්භ වන බවයි අදාළ ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ.
මේ අතර එක්සත් ජාතික පක්ෂයේ කැබිනට්, රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් කණ්ඩායමක් ඉදිරියේදී නව අගමැති මහින්ද රාජපක්ෂට සහයෝගය පළකර නව ආණ්ඩුව සමඟ එක්වීමට සුදානමින් සිටින බව පාර්ලිම්නේතු මන්ත්‍රී එස්.බී. දිසානායක පවසනවා.
මේ අනුව පාර්ලිමේන්තුවේ බහුතරය නව අගමැතිවරයාට හිමිවනු ඇති බවටයි මන්ත්‍රීවරයා විශ්වාසය පළකරන්නේ.