Gossips

නොලැබුණු ආදරයට දුක්වී සිය දෑතින්ම ගෙල කපාගෙන මියගිය තරුණයා

කැත්තකින් සිය ගෙල කපාගෙන සියදිවි හානිකරගත් තරුණයෙකු පිළිබඳ පුවතක් වව්නියාව ප්‍රදේශයෙන් වර්තාවනවා.
ඊයේ (19) මෙලෙස සියදිවි හානිකරගෙන ඇත්තේ වව්නියාව, පණ්ඩාරිකුලම ප්‍රදේශයේ පදිංචිව සිටි 36 හැවිරිදි අයෙක් බවයි පොලිසිය පවසන්නේ.
පොලිසිය වැඩිදුරටත් පැවසුවේ ගෙල කපාගත් තරුණයා වව්නියාව රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජිවිතක්ෂයට පත්ව ඇති බවයි.
ප්‍රේම සම්බධතාවයකට මව් පියන්ගේ කැමැත්ත නොලැබීම හේතුවෙන් ඇතිවූ සිත් තැවුලක් නිසා අදාළ තරුණයා මෙලෙස සියදිවි හානිකරගෙන ඇති බවට මුලික පරීක්ෂණයන්ගෙන් අනාවරණය වී තිබෙනවා.
පශ්චාත් මරණ පරීක්ෂණ වෙනුවෙන් මළ සිරුර වව්නියාව රෝහල් මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වව්නියාව පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනවා.

ඡායාරූප – වව්නියාව, මාධව කුලසූරිය