Gossips

නොරොච්චෝලේ යළි සක්‍රිය වෙයි

නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ දෙවන විදුලි ජනන යන්ත්‍රයේ ඇතිවූ දෝෂය මේ වනවිට යථා තත්ත්වයට පත් කර ඇති බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය පවසනවා.
එහි මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන කියා සිටියේ පසුගිය 2 වනදා විදුලි ජනන යන්ත්‍රයේ සිසිලන පද්ධතියේ මෙම දෝෂය හටගත් බවයි.
කෙසේ වෙතත් ඉංජිනේරුවන්ගේ මැදිහත්වීමෙන් එය මේ වනවිට යථා තත්ත්වයට පත් කර ඇති බවයි ඔහු සඳහන් කළේ.