Gossips

නොරොච්චෝලේ පද්ධතියට එක් කිරීම පමාවෙයි විදුලි සැපයුමට තවදුරටත් බාධා

නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ ජනන යන්ත්‍රයක හටගත් තාක්ෂනික දෝෂය මේ වනවිට නිවැරදි කර ඇතත් එහි විදුලිය ජාතික පද්ධතියට එක් කිරීමට තවදුරටත් පමාවන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය පවසනවා.
එහි මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන කියා සිටියේ අද දිනය නිමාවීමට පෙර එය පද්ධතියට එක් කිරීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කරන බවයි.
තාක්ෂණික දෝෂයක් හේතුවෙන් ඊයේ පෙරවරු 11 ට පමණ නොරොච්චෝලේ ලක්විජය ගල් අඟුරු බලාගාරයේ දෙවන ජනන යන්ත්‍රය අක්‍රීය වූ අතර, ඒ හේතුවෙන් අද දිනයේත් කොළඹ ඇතුලූ ප්‍රදේශ රැසක විටින් විට විදුලිය ඇණහිටීම් වාර්තා වුණා.
ඒ හේතුවෙන් ප්‍රදේශ රැසක ජනතාව අපහසුතාවට පත්වූ බවයි හිරු ප්‍රාදේශීය වාර්තාකරුවන් සඳහන් කළේ.
නොරොච්චෝලේ බලාගාරයේ දෙවන ජනන යන්ත්‍රය අක්‍රියවීම හේතුවෙන් ජාතික විදුලිබල පද්ධතියට අහිමි වූ විදුලි ධාරිතාව මෙගාවොට් 270 ක්.