Gossips

නොර්වේ තෙදින නිල සංචාරය අවසන් කළ අගමැති මහා බ්‍රිතාන්‍යයට

ශ්‍රි ලංකාවේ ආර්ථිකය සංවර්ධනය කිරිම මගින් ජනතාවට ප්‍රතිලාභ ලබාදීමට කඩිනම් පියවර ගැනීම තම අපේක්ෂාව බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
අග්‍රාමාත්‍යවරයා මේ බව සදහන් කළේ අද මහා බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර කොටස් වෙළෙඳපොළ සමාරම්භ කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වු අවස්ථාවේදීයි.
නොර්වේ රාජ්‍ය යේ තෙදින නිල සංචාරය අවසන් කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැමිණියේ මහා බ්‍රිතාන්‍යයටයි.
එහිදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද පෙරවරුවේ ලන්ඩන් කොටස් වෙළෙඳපොළ සමාරම්භ කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වුණා.
ඒ, සෑම සතියකම සඳුදා පෙරවරු 8 ට විශේෂ ආරාධිතයෙකු ලවා කොටස් වෙළෙඳපොල සමාරම්භ කරවීමේ එරට සම්ප්‍රදායට අනුවයි.
ගෝලීය හා දේශීය ස්වභාවික ව්‍යසනයන් හමුවේ වුවද ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය සදහා ශක්තිමත් පදනමක් සකසා ගැනීමට හැකිවීම අගය කළ යුතු කරුණක් බව එහිදී ලන්ඩන් කොටස් වෙළෙදපොළ ප්‍රධාන විධායක නිලධාරී ඩේවිඩ් ෂ්වීමර් මහතා පැවසු බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කරනවා.
එමෙන්ම ශ්‍රී ලංකාවේ අනාගත යටිතල පහසුකම් සහ ආයෝජන සදහා සහය දීමට ලන්ඩන් කොටස් වෙළෙද පොළ සූදානම්බවත් ඔහු පවසා තිබෙනවා.
ලන්ඩන් කොටස් වෙළෙදපොලේ ගනුදෙනු සදහා මෘදුකාංග නිර්මාණය කරමින් දෛනික පරිගණක කාර්යයන් මෙහෙය වීම සහ අධීක්ෂණය සිදුවන්නේ ශ්‍රි ලාංකීය තොරතුරු තාක්ෂණ ශිල්පීන් මගින් වීම විශේෂත්වයක්.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ මුල්‍ය කටයුතු පිලිබද බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයාගේ විශේෂ නියෝජිත එරට පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් ජයවර්ධන මහතා ද එක්ව සිටියා.