Gossips

නොමඟ ගිය ත්‍රිරෝද රථය

හැටන් – දික්ඔය ඇලට ත්‍රීරෝද රථයක් පෙරළීමෙන් එහි ගමන් ගත් දරුවෙකු ඇතුළු 03 දෙනෙකු තුවාල ලබා දික්ඔය මූලික රෝහලට අද (25) පස්වරුවේ ඇතුළත් කෙරුණා.
දික්ඔය – පෝඩයිස් ප්‍රදේශයේ පදිංචි මෙම පිරිස හැටන් දක්වා ගමන් ගෙන ඇති අතර, ත්‍රිරෝද රථයේ වේගය පාලනය කර ගත නොහැකිව මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
සිද්ධියෙන් තුවාල ලැබූ දරුවාගේ වයස අවුරුදු 12ක්.