Gossips

නොමඟ ගිය උප විදුහල්පතිවරයෙකු රිමාන්ඩ්

ගලෙන්බිඳුණුවැව ප්‍රදේශයේ දැරියන් කිහිප දෙනෙකුට අතවර කිරීමට තැත් කළ උප විදුහල්පතිවරයෙකු අත්අඩංගුවට ගෙන ලබන 18 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
ගලෙන්බිඳුණුවැව පොලීසිය සඳහන් කළේ 5 ශ්‍රේණියේ දැරියන් තුන් දෙනෙකුට සහ 13 ශ්‍රේණියේ සිසුවියකට මෙම උප විදුහල්පතිවරයා බලහත්කාරකම් කිරීමට තැත් කර ඇති බවයි.
දැරියන් පාසලට පැමිණෙන අවස්ථාවේදී ඔහු මඟ රැඳී සිට මාර්ගයක් විමසන මුවාවෙන් මෙම දැරියන්ට සිය රහස් ප්‍රදේශය පෙන්වා ඇති බවයි වාර්තා වන්නේ.
ඊට අමතරව දැරියන් කිහිප දෙනෙකුගේ දෙමව්පියන් පොලීසියට පැමිණිලි කර ඇත්තේ කිහිප විටක්ම සිය දරුවන්ට මෙම උප විදුහල්පතිවරයා අතවර කිරීමට තැත් කර ඇති බවයි.
29 හැවිරිදි සැකකරු මිහින්තලේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව සඳහන්.