2018 වසර අදාළව නොබෙල් සාම ත්‍යාගය සුවිශේෂීී චරිත දෙකක් අතර බෙදී ගොස් තිබෙනවා.
ඒ ස්ත්‍රී දුෂණයට එරෙහිව හඩක් නැගූ නාදියා මුරාඩ් සහ ඩෙනිස් මුක්වේගි අතරයි.
අපරාධවලට එරෙහිව ඔවුන් දෙදෙනා කළ සටන ඉතා තීරණාත්මක එකක් බවයි නොබෙල් කමිටුවේ සභාපති බෙරිට් රෙයිස් සඳහන් කර ඇත්තේ.
නාදියා මුරාඩ් අයි එස් කැරළිකරුවන් විසින් වධ හිංසනයන්ට ලක් කර දුෂණය කරනු ලැබු කාන්තාවක් වනවා.
එමෙන්ම ඩෙනිස් මුක්වෙගි යනු දුෂණ වින්ධිතයන්ට ප්‍රතිකාර කරනු ලැබු කොංගෝ ජාතික විශේෂඥ වෛද්‍යවරයෙක්.
විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ මෙවර නොබෙල් සාම ත්‍යාගය සඳහා විවිධ පුද්ගලයන් සහ සංවිධාන 331 ක නම් යෝජනා වී තිබු බවයි.
අද ඔස්ලෝ නුවරදී 2018 නොබෙල් සාම ත්‍යාග ශිමිකරුවන් ප්‍රකාශයට පත්කර ඇති අතර යුද්ධයේ අවියක් ලෙසට ලිංගික හිංසනය යොදා ගැනීම අවසන් කිරීම සඳහා දරන ප්රයත්නය ඇගයීමක් ලෙසට මෙවර නොබෙල් ත්‍යාගය නාදියා මුරාඩ් ට සහ ඩෙනිස් මුක්වෙගිට ලබාදුන් බව නොබෙල් කමිටුවේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.
විශේෂඥ වෛද්‍ය ඩෙනිස් මුක්වෙගි යුද්ධය අතරතුර ලිංගික හිංසනයන්ට ලක්ව විවිධ රෝගාබාධයන්ට මෙන්ම තුවාල ලැබූ 30000 කට පමණ ප්‍රතිකාර කර ඇතැයි සඳහන්.
එමෙන්ම නාදියා මුරාඩ් 2014 වසරේදී අයි එස් ග්රහණයෙන් මිදී පළා ඒමෙන් පසු නීති විරෝධී මිනිස් ජාවාරම මැඩ පැවැත්වීම මෙන්ම යසිදි ජනයා මුදා ගැනීමේ මෙහෙයුම්වල පෙරමුණ ගත් කාන්තාවක් ලෙසට සැලකෙනවා.