Gossips

නොබෙල් ත්‍යාගලාභී සාහිත්‍යධර ශ්‍රීමත් වී.එස්. නයිපෝල් මියයයි

ඉන්දියානු සහ කැරිබියානු සම්භවයක් සහිත නොබෙල් සාහිත්‍ය ත්‍යාගලාභී ශ්‍රීමත් විදිදහාර් සුරාජ්ප්‍රසාද් නයිපෝල් වයස අවුරුදු 85 ක්ව සිටියදී ඊයේ ලන්ඩනයේදී අභාවප්‍රාප්ත වුණා.
1932 වසරේ බටහිර ඉන්දීය කොදෙව් ටි‍්‍රනිඩෑඞ් දිවයිනේදී උපත ලැබූ ඔහු බෙන්ඞ් ඉන් ද රිවර් සහ හවුස් ඔෆ් මිස්ටර් බිස්වාස ඇතුලූ ලෝක පූජිත වූ ග්‍රන්ථ 30 කට වැඩි සංඛ්‍යාවක් රචනා කළා.
දකුණු ඇමරිකාවේ සිට අප්‍රිකාවේ සහ ආසියාවේ සංචාරයන්හි නිරතවූ ඔහුගේ ඇතැම් ග්‍රන්ථවලට පාදක වී ඇත්තේ එම අත්දැකීම්.
ටි‍්‍රනිඩෑඩයේ සේවයට පැමිණි උතුරු ඉන්දීය වංශවතෙකු ඔහුගේ සීයා වන අතර, පියා පුවත්පත් වාර්තාකරුවෙක්.
පොදුරාජ්‍ය මණ්ඩලීය ශිෂ්‍යත්වයක් ලබා බ්‍රිතාන්‍යයට පැමිණි ඔහු ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලැබූ අතර, 1990 වසරේදී නයිට් නාමයකින් පිදුම් ලැබුවා.