Gossips

නොදුටු දිනුම ගැන ජනපති, හෙළිකරයි

ඇතමුන්ට නොපෙනෙන එහෙත් ජාතියේ අනාගතය සඳහා අත්‍යවශ්‍ය වන්නා වූ කරුණ රැසක් පසුගිය වසර තුන තුල තමන් රටට දිනා දුන් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.
කුමන දේශපාලන විවේචන පැවතිය ද රටේ හෙට දවස කිසිසේත් අසුබවාදී නොවන බවයි ජනාධිපතිවරයා කියාසිටියේ.
මහවැලි සහ රඹකැන්ඔය කලාපවලට අයත් ජනපදිකයන් 12,083 දෙනෙකුට ඉඩම් හිමිකම් පත්‍ර ප්‍රදානය කිරීමේ අවස්ථාවකට අද අරලගංවිල මගුල්දමන මහා විද්‍යාලයේදී එක්වෙමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළකළා.
එහිදී ඔහු කියාසිටියේ යහපත් අනාගතයක් සියලු ශ්‍රී ලාංකිකයන්ට ඒකාන්තයෙන්ම උදාවනු ඇති බවයි.
එමෙන්ම මෙම වසර අවසන් වන විට සියලුම මහවැලි කලාපවල ගොවි ජනතාව වෙත තම ඉඩම් කොටස්වල නිත්‍යානුකූල අයිතිය පවරා දීමට කටයුතු කරන බව ද මෛත්‍රීපාල සිරිසේන මහතා මෙහිදී කියාසිටියා.