Gossips

නොදැනුවත්ව සිටි දිනයක් ගැන ඇමති දුමින්ද කියයි

තඹුත්තේගම – ආයුර්වේද රෝහලේ නව වාට්ටු සංකීර්ණය විවෘත කිරීමට යොදා ගෙන තිබූ දිනය තමන් දැනුවත්ව නොසිටි බව අමාත්‍ය දුමින්ද දිසානායක ප්‍රකාශ කළා.
පසුගිය 14 වනදා ප්‍රදේශවාසීන් විසින් එම නව වාට්ටු සංකීර්ණය සහ බාහිර රෝගී අංශය විවෘත කළේ දේශපාලනඥයින්ගේ අත්තනෝමතික ක්‍රියා හේතුවෙන් එය දිගින් දිගටම කල් දැමීමට විරෝධය පල කරමින්.
එහිදී ප්‍රදේශවාසීන් චෝදනා කළේ අමාත්‍ය දුමින්ද දිසානායක මෙම උත්සවයට සහභාගි නොවූයේ සමරු ඵලකයේ ඔහුගේ නම නොතිබීම නිසා බවයි.
කෙසේ වෙතත්, එය යළි පෙරේදා විවෘත කෙරුණේ අමාත්‍ය දුමින්ද දිසානායක සහ උතුරුමැද පළාත් ආණ්ඩුකාර එන්.පී. ජයසිංහගේ ප්‍රධානත්වයෙන්.