Gossips

නොට්රඩාම් දෙව් මැදුර යළි සකස් කිරීමට දානපතියන් දෙදෙනෙකු ඉදිරිපත් වෙයි

ගින්නෙන් විනාශ වූ ප්‍රංශයේ "නොට්රඩාම්" දෙව් මැදුර යළි සකස් කිරීම සඳහා යූරෝ මිලියන 300ක මුදලක් ලබාදීමට එරට දානපතියන් දෙදෙනෙකු ඉදිරිපත් වී තිබෙනවා.
නවතම විදෙස් වාර්තා සඳහන් කළේ මේ වනවිට ගින්න සම්පූර්ණයෙන්ම පාලනය කර ඇති බවයි.
කිතුණුවන්ගේ ශුද්ධ වූ සතිය තුළ සිදුවූ මෙම ඛේදවාචකයෙන් පැරිස් වැසියන් දැඩි කම්පනයට පත්ව සිටින අතර, ගොඩනැගිල්ලේ විනාශ වූ කොටස් යළි ඒ ආකාරයෙන්ම ගොඩනගන බවට ජනාධිපති එම්මානුවෙල් මැක්රෝන් ප්‍රතිඥාවක්ද ලබාදුන්නා.
මේ අතර, වසරකට සංචාරකයන් මිලියන 13 කට වැඩි පිරිසක් පැමිණෙන මෙම මිල කළ නොහැකි උරුමය යළි ගොඩනැගීමට ප්‍රංශය සමඟ අත්වැල් බැඳ ගන්නා බව යුනෙස්කෝ සංවිධානයද ප්‍රකාශ කර තිබෙනවා.