Gossips

නොකළ වරදකට ගම ම එකතු වී මව සහ දියණිය නිරුවත් කර මහපාරේ ඇදගෙන ගොස් කළ අපරාධය

කාන්තාවන් දෙදෙනෙකුට අමානුෂික ලෙස හිරිහැර කළ ගම්වාසීන් පිරිසක් පුවතක් විදෙස් මාධ්‍ය වාර්තාකර තිබෙනවා.
අදාළ සිදුවීම වාර්තා වන්නේ ඉන්දියාවෙන්.
මෙම අවාසනාවන්ත අත්දැකීමට මුහුණදී ඇත්තේ 65 හැවිරිදි කාන්තාවක් සහ 35 හැවිරිදි ඇගේ දියණියයි.
එම කාන්තාවන් පොලිසියට ප්‍රකාශ කර ඇත්තේ තම ගම්මානයේ පුද්ගලයෙකු මියගිය අවස්ථාවක ඔවුන් දෙදෙනාට පිරිසක් එක්ව හිරිහැර කළ බවයි.
එලෙස මියගොස් ඇති පුද්ගලයාගේ ඥාතීන් අදාළ කාන්තාවන්ගේ නිවසට කඩා වැදී ඔවුන්ගේ ඥාතියාගේ මරණයට හේතුව අදාළ කාන්තාවන් බව පවසා තිබෙනවා.
ඔවුන් පවසා ඇත්තේ එම කාන්තාවන් දෙදෙනා විසින් සිදුකළ මායාකර්මයක ප්‍රතිඵලයක් ලෙස තම ඥාතියා මියගොස් ඇති බවයි.
කෙසේ වෙතත් අදාළ සිදුවීම වූ අවස්ථාවේ එම කාන්තාවන් විසින් සඳහන් කර ඇත්තේ තමන් එවැන්නක් සිදුනොකළ බවයි.
එම ප්‍රකාශයන් පිළිබඳව තැකීමක් නොකළ අදාළ පිරිස විසින් අනතුරුව ඔවුන් දෙදෙනා නිවසින් පිටතට ගෙන තිබෙනවා.
ඉන් පසු එම කාන්තාවන් දෙදෙනා අදාළ පුද්ගලයන් විසින් සුසාන භූමියක් වෙත රැගෙනගොස් ඇති බවයි වාර්තා වන්නේ.
පසුව එම පිරිස තමන්ට සහ තම මවට මල මුත්‍රා වලින් පහරදී බලහත්කාරයෙන් ම ඒවා පෙවූ බවයි මෙලෙස පහරකෑමට ලක්වූ දියණිය ප්‍රකාශකරන්නේ.
අනතුරුව කාන්තාවන් දෙදෙනාගේ හිස මුඩු කර කාන්තාවන්ගේ ඇඳුම් ඉරා දමා ඔවුන් නිරුවත් කර තිබෙනවා.
ඉන් පසුව ඔවුන්ගේ ගම්මානය වටා කාන්තාවන් දෙදෙනා රැගෙනගොස් ඇති අතර මිත්‍යා මත හේතුවෙන් කිසිවෙකුත් ඔවුන් ගලවාගැනීමට ඉදිරිපත් වී නෑ.
අනතුරුව අදාළ සිදුවීම පිළිබඳව එම කාන්තාවන් විසින් පොලිසියට කළ දැනුම්දීමකට අනුව අදාළ සිදුවීමට සම්බන්ධ පුද්ගලයන් 11 දෙනෙකු එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.
ඉන්දියාවේ නිතරම දක්නට ලැබෙන මෙවැනි සිදුවීම්වලට හේතුව අන්ධ විශ්වාස බවයි විද්වතුන් පෙන්වා දෙන්නේ.
වැන්දඹු කාන්තාවන්ගේ දේපල වංචාකර අයිති කරගැනීමට ද බොහෝ අවස්ථාවල ඇතැමුන් මෙවැනි ක්‍රියා සිදුකරන බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.
මේ අතර අදාළ සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර ඇති අතර එම කාන්තාවන් දෙදෙනාට ද විශේෂ ආරක්ෂාවක් සපයා තිබෙනවා.