Gossips

නේපාලයේ ගුවන් අනතුරකින් 3 දෙනෙකු මරුට

නේපාලයේ – ලූක්ලා ගුවන්තොටුපලේදී ගුවන් යානයක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් 3 දෙනෙකු මියගොස් තිබෙනවා.
යානය ගොඩබස්වන අවස්ථාවේ ධාවන පථයෙන් ඉවතට පැන අසල තිබූ හෙලිකොප්ටරයක ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ.
ගුවන් යානයේ නියමුවා සහ හෙලිකොප්ටර් යානය අසල රැඳී සිටි පොලිස් නිලධාරින් දෙදෙනෙකු මෙහිදී ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් 3 දෙනෙකු තුවාල ලැබුවා.
මුහුදු මට්ටමේ සිට මීටර් 2845 ක් ඉහළින් පිහිටා ඇති ලූක්ලා ගුවන්තොටුපල ලොව අනතුරුදායක ගුවන්තොටුපල අතර, ඉදිරියෙන් පසුවනවා.