Gossips

නේපාලයේ කඳු නැගීමට ගිය කොරියානු ජාතිකයන් 8 දෙනෙකු මරුට

නේපාලයේ ගුර්ජා කඳු ශිඛරය තරණය කිරීමට ගිය දකුණු කොරියානු කඳු නගින්නන් 8 දෙනෙකු හිම කුණාටුවකට හසුවී ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
ඔවුන්ගේ සිරුරු අද උදෑසන සොයා ගත් බවයි නේපාල සහයකයන් ප්‍රකාශ කර ඇත්තේ.
ප්‍රචණ්ඩ හිම කුණාටුව සමඟ මොවුන් රැදී සිටි තාවකාලික කදවුර ද විනාශයට පත්වී ඇති බව සඳහන්.
තවත් කොරියානු කඳු නගින්නෙකු අතුරුදන් වී ඇති අතර, ජීවිතාරක්ෂක මෙහෙයුම් සඳහා හෙලිකොප්ටර් යානයක් ද යොදා ගැනෙනවා.
කෙසේ නමුත්, අයහපත් කාලගුණය නිසා මළ සිරුරු ඉවත් කර ගැනීම ද දුෂ්කර වී ඇති බව වාර්තා වුණා.