Gossips

නේපාලයට මෝදිගෙන් දුම්රිය මගක්

නේපාලයේ කත්මණ්ඩු නුවර සිට ඉන්දියාව දක්වා දුම්රිය මාර්ගයක් තැනීම සඳහා සහය වීමට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඊයේ නේපාල බලධාරීන්ට ප්‍රතිඥාවක් ලබාදුන්නා.
එමගින් දෙරට අතර මගී සහ භාණ්ඩ හුවමාරුව බාධාවකින් තොරව සිදුකිරීමට හැකි වනු ඇති බවයි නේපාල අග්‍රාමාත්‍ය කේ.පී. ශර්මා ඔලි සමඟ පැවැත්වූ සාකච්ඡාවේදී අගමැති මෝදි සඳහන් කර ඇත්තේ.
කත්මණ්ඩු නුවර දී ඊයේ අවසන් වූ බිම්ස්ටෙක් සමුළුවට සමගාමීව නායකයන් දෙදෙනා එම දුම්රිය මාර්ගයේ ශක්‍යතා අධ්‍යයනයක් සඳහා ගිවිසුමකට ද අත්සන් තැබුවා.
කත්මණ්ඩු නුවර සිට ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ රැක්සෝල් නුවර වෙත කිලෝමීටර් 130ක් දුරට දිවෙන දුම්රිය මාර්ගය හිමාල කඳුකරයට නිවහන වූ නේපාලයේ දෙවන දුම්රිය මාර්ගය වනු ඇති.
ඉන්දියාව මෙලෙස නේපාලයට දුම්රිය මාර්ගයක් ලබාදීමට සැරසෙන්නේ චීනය සිය රටේ සිට නේපාලය දක්වා දුම්රිය මාර්ගයක් තැනීමට සැලසුම් කර තිබියදියි.
කිලෝමීටර් 70ක් දුරැති එවැනි දුම්රිය මාර්ගයක් තැනීම සඳහා චීනය මේ වන විටත් සක්‍යතා අධ්‍යයනයක් සිදුකර අවසන්.